කෘත්‍රිම රා සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීම සඳහා සහකාර සුරාබදු කොමසාරිස්වරුන්ට අදාල උපදෙස් ලබා දී ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.
ඊට අදාලව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් විශේෂ චක්‍රලේඛයක් ද නිකුත් කර ඇත.
නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා මේ බව පැවසීය.
මෙම වසර තුළ පමණක් සිදුකළ වැටලීම්වලදී කෘත්‍රිම රා ලීටර් පන් ලක්ෂයකට අධික තොගයක් නිලධාරීන් භාරයට ගෙන ඇති අතර ඒ හරහා රුපියල් මිලියන හතරයිදශම පහක පමණ දඩ මුදලක්ද අය කරගෙන ඇති බව කපිල කුමාරසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.



