පක්ෂ නායකත්වයෙන් බැහැරව තමා ඉදිරි මහ මැතිවරණයේදී අගමැති අපේක්ෂකත්වය භාර නොගන්නා බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
ඔහු මේ බව කියා සිටියේ ඊයෙ(17) කෝට්ටේ ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින්.
ජනතාව යෝජනා කරන්නේ නම් ඉදිරියට යන්නට කියා ඒ යුතුකම ඉටු කිරීමට තමා සූදානම් බව සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.
මේ අතර දේශපාලනයෙන් විශ්‍රාම ගත යුතු බවට ජනතාව විසින් තමාට කියන්නේ නම් ඒ යෝජනාවද, පිළිගැනීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රි සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.



