දුම්රිය මගින් බහාලුම් ප්‍රවාහනය යළි ඇරඹීමට තීරණය කරයි

Share

දුම්රිය මගින් බහාලුම් ප්‍රවාහනය යළි ආරම්භ කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

 

දුම්රිය සමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, ඒ සඳහා කන්ටේනර් ගැල් 20 ක් මේ වනවිටත් ඉන්දියාවෙන් ආනයනය කර ඇති බවයි.

මීට අමතරව චීනයෙන් ආනයනය කරන ලද තව ත් කන්ටේනර් ගැල් 15 ක් ලබන සතියේ දිවයිනට ළඟාවීමට නියමිත බව ඔහු පැවසුවේ ය.

හේතු කිහිපයක් මත මේ වසරේ මුල බහාලුම් ප්‍රවාහනය තාවකාලිකව නතර කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගත්තේ ය.

එහෙත් නොරොච්චෝලේ විදුලි බලාගාරය සඳහා ගල් අඟුරු ප්‍රවාහනය හා ප්‍රීමා සමාගමට අවශ්‍ය අමු ද්‍රව්‍ය ප්‍රවාහන දුම්රිය මගින් සිදු කිරීමට මේ වනවිට තීරණය කර ඇති බව සාමාන්‍යාධිකාරිවරයා පැවසුවේ ය

Read more

Local News