පූජ්‍ය හෙල්බොඩගම සුගතධීරාභිධාන නායක හිමියන් වෙත ශී‍්‍ර සන්නස් පත‍්‍ර පිළිගැන්වීමේ පුණ්‍ය මහෝත්සවය

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ සහභාගිත්වයෙන් ඊයේ (28) විමලකීර්ති ශී‍්‍ර ධම්මරතන ගෞරව නාමය සහිතව උඩ පළාත උප ප‍්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම්ලත් වාරියගල ශී‍්‍ර තිස්සාරාම විහාරාධිපති, දොළුව ප‍්‍රාදේශීය ශාසනාරක්ෂක බළ මණ්ඩලයේ උප සභාපති, සමස්ථ ලංකා සාමවිනිසුරු අතිගෞරවාර්හ හෙල්බොඩගම සුගතධීරාභිධාන නායක හිමිපාණන් වහන්සේ වෙත ශී‍්‍ර සන්නස් පත‍්‍ර පිළිගැන්වීමේ පුණ්‍ය මහෝත්සවය පස්වරුවේ මහනුවර, ගලහ, වාරියගල ශී‍්‍ර තිස්සාරාම විහාරස්ථානයේ දී පැවැත්විණි.
 ජනාධිපතිවරයා විසින් අභිනව උප ප‍්‍රධාන සංඝනායක හිමිපාණන් වහන්සේ වෙත අටපිරිකර පූජා කළේය. හෙල්බොඩගම සුගතධීරාභිධාන නායක හිමිපාණන් වහන්සේ විසින් මෙහිදී ජනාධිපතිවරයා වෙත සමරු තිළිණයක් පිළිගැන්වීය.
Exit mobile version