කතක් බස් රථයට යට කළ සැකකාර රියදුරු රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

Share

උඩුගම ප්‍රධාන බස් නැවතුම්පලේ රැඳී සිටි කාන්තාවක් පෞද්ගලික බස්රථයකට යට වී මිය යෑමේ සිද්ධියට අදාළ සී.සී.ටීවි දර්ශන හමුවී තිබේ.

 

පසුගිය දෙසැම්බර් මස 15 දින සවස 2.30ට පමණ මෙම අනතුර සිදුව තිබුණි.

මෙසේ මියගොස් ඇත්තේ හිනිදුම බෝධිකන්ද ප්‍රදේශයේ ජීවිත් වු එච්.ජී.ප්‍රියංගා ප්‍රියදර්ශනී නැමති 40 වියැති පස්දරු මවකි.

ඇය උඩුගම ශ්‍රී ලංගම ඩිපෝවේ සේවය කරන කොන්දොස්තරවරයෙකුගේ බිරිඳක් වෙයි.

ඇය තම දරුවා උපකාරක පන්තියකට ඇරලවා නැවත නිවස බලා යමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත.

අනතුරින් බරපතළ තුවාල ලැබු ඇය උඩුගම මුලික රෝහලට ඇතුළත් කිරීමේ දී මිය ගොස් තිබේ.

රියදුරුගේ අපරික්ෂාකාරී රිය පැදවීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇතැයි උඩුගම පොලීසිය පවසයි.

කෙසේ වෙතත් රියදුරු අත්අඩංගුවට ගෙන ඊයේ(17) දිනයේ දී උඩුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

පසුව සැකකරු එළඹෙන දෙසැම්බර් මස 26 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට උඩුගම මහේස්ත්‍රාත් සංජය මෙන්ඩිස් ද සිල්වා මහතා නියෝග කර ඇත.

Read more

Local News