ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ නව සභාපති දිවුරුම් දෙයි

Share

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා ලෙස කරුණාසේන පොන්නම්පෙරුම් මහතා අද(18) උදෑසන සිය ධුරයේ දිවුරුම් දී තිබේ.

 

ඒ දකුණු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය විලී ගමගේ මැතිතුමා ඉදිරියේදියි.

ඊට අමතරව උප සභාපති ලෙස නාගොඩ විතානගේ ජයසේන මහතා දිවුරුම් දුන් බවද වාර්තා වෙයි.

එමෙන්ම එම ප්‍රාදේශීය සභාවේ සභිකයින්ද ආණ්ඩුකාරවරයා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවේය.

මෙම අවස්ථාව සඳහා ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රමේෂ් පතිරණ මැතිතුමා සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ මහත්මියද එක්වුණි.

Read more

Local News