ඕස්ට්‍රේලියාවේ උෂ්ණත්වය තවදුරටත් ඉහළ යා හැකි බවට අනතුරු අඟවයි

Share

ඕස්ට්‍රේලියාවේ වැඩිම උෂ්ණත්වයක් වාර්තා වූ දිනය ලෙස පසුගිය අගහරුවාදා දිනය වාර්තා පොත් අතරට එක්විය.

 

එදින වාර්තාවී තිබූ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 40.9ක්.

එමෙන්ම එදින රටේ ප්‍රදේශ කිහිපයකම උෂ්ණත්වය සෙල්සියස් අංශක 45 සීමාවද ඉක්මවා තිබුණි.

ඕස්ට්‍රේලියානු කාලගුණ විද්‍යාඥයන් ප්‍රකාශ කරන පරිදි එරට වැඩිම උෂ්ණත්වයක් වාර්තා වූ දිනය ලෙස පසුගිය අගහරුවාදා දිනය සඳහන් වෙයි.

එරට පවතින ලැව් ගිනි සහ දරුණු නියඟය මෙලෙස උෂ්ණත්වය වැඩිවීමට හේතුවිය.

කාලගුණ විද්‍යාඥයින් අනතුරු අඟවන්නේ, ඉදිරි සතිය තුළ මෙම වාර්තාවද ඉක්මවමින් උෂ්ණත්වය තව දුරටත් ඉහළ යා හැකි බවටයි.

උණුසුම් වායු ධාරා විශාල වශයෙන් ඕස්ට්‍රේලියානු මහද්වීපය හරහා නැගෙනහිර දෙසට හමායන විට රට තුළ තාප තරංග කාලගුණික තත්වයක් බලාපොරොත්තු විය හැකි බවද සඳහන්.

මේ අතර ඕස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් මෙම ස්වාභාවික ආපදා පිළිබද දක්වන ප්‍රතිචාරය මෙන්ම ඔහුගේ රජයේ දේශගුණ ප්‍රතිපත්තීන්ද එරට වැසියන්ගේ දැඩි විවේචනයට ලක්ව තිබේ.

සතිය ආරම්භයේ බටහිර ඕස්ට්‍රේලියාවේ අගනගරය වන පර්ත්හි උෂ්ණත්වය සෙල්සියස් අංශක හතලිහක මට්ටමේ පැවති අතර එම තත්ත්වය දින තුනක් පුරා පැවතියේය.

එයද නව වාර්තාවක් බව ඔස්ට්‍රේලියානු කාලගුණ අංශ පවසන්නේ.

ඕස්ට්‍රේලියාවේ මීට පෙර වැඩිම උෂ්ණත්වයක් වාර්තා වූ දිනය වන්නේ  2013 වසරේ ජනවාරි 07දායි.

ඒ සෙල්සියස් අංශක 40.3ක් ලෙසයි.

Read more

Local News