මන්ත්‍රී පාඨලි චම්පික අත්අඩංගුවට

Share

2016 වසරේදී රාජගිරිය ප්‍රදේශයේ දී සංදීප් සම්පත් තරුණයා අනතුරකට ලක් කිරීමේ සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතාව අත්අඩංගුවට ගන්නා ලෙස  නීතිපතිවරයා විසින් කොළඹ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට ලබාදී ඇති  උපදෙස් අනුව මීට සුළු වේලාවකට පෙර හිටපු අමාත්‍යවරයාව අත්අඩංගුවට ගත් බව  නීතිපතිවරයාගේ සම්බන්ධිකරණ නිලධාරීනි රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය පවසයි.

 

හිටපු අමාත්‍යවරයාට එරෙහි චෝදනා වන්නේ නොසැලකිළිමත්ව රිය ධාවනය කර පුද්ගලයෙකුට බරපතළ තුවාල සිදුකිරීම සහ මාර්ග අනතුරකදී රියදුරා ලෙස වෙනත් පුද්ගලයෙකු ඉදිරිපත් කිරීම බව නීතිපතිවරයාගේ සම්බන්ධිකරණ නිලධාරීනිය වැඩිදුරටත් සඳහන් කළේය.

රාජගිරියේ සිදුවු රිය අනතුරට අදාළව පාඨලි චම්පික රණවක මන්ත්‍රීවරයාව කොළඹ අපරාධ කොට්ඨාසය අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේ දර්ශන ඔහුගේ මාධ්‍ය ලේකම්වරයාගේ ෆේස්බුක් ගිණුමට නිකුත් කර තිබුණි.

Read more

Local News