තුර්කි තනාපති Tunca Ozcuhadar මහතා ඊයේ (18) හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා හමුවී තිබේ.
මේම සුහද හමුවට මුලික වුයේ තුර්කි තනාපති මහතා සිය වසර හතර හමාරක ධුර කාලය අවසන් කර නැවතත් සිය රට බලා පිටත්විමට ප්රථම හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා හමුවී සිය ධුර කාලය තුලදි ශ්රී ලංකාවේ ජනාධිපතිවරයා ලෙස තනාපතිවරයා හට දැක්වූ සහයෝගය පිළිබඳව සිය ස්තුතිය පල කර සිටියේය.
මේහිදි හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා විසින් තුර්කි තනාපතිවරයා ලෙස මේරටට සිදු කල සේවය සහ සමාජ මෙහෙවර වෙනුවෙන් සිය ස්තුතිය පලකරන ලදී.
එමෙන්ම තුර්කි තනාපති Tunck Ozcuhadar මහතාගේ ධුර කාලය තුලදි දෙරට අතර ජත්යන්තර සබදතා වඩාත් වර්ධනය කර ගැනීමට හැකි වු බව හිටපු ජනාධිපතිවරයා සඳහන් කරන ලදි.



