පාවෙන වෙළෙඳ සංකීර්ණය කඩිනමින් පිළිසකර කරන්න අගමැතිගෙන් උපදෙස්

Share

පසුගිය වසර හතර හමාර තුළ විනාශ වෙමින් පැවති පිටකොටුව පාවෙන වෙළඳ සංකීර්ණය කඩිනමින් පිළිසකර කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාපක්ෂ මහතා නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් දී තිබේ.

ඒ අනුව එහි නඩත්තු කටයුතු මේ දිනවල ක්‍රියාත්මකයි.

 

නගර අලංකරණයට සහ ජනතාවට විවේකී සුවයෙන් කාලය ගත කිරීමට නිර්මාණය කෙරුණු ස්ථාන යථා තත්ත්වයට පත්කරන ලෙස විෂය භාර අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් දී තිබේ.

ඒ අනුව වෙළදසැල් 103කින් සමන්විතව රුපියල් මිලියන 312ක වියදමින් ඉදිවූ පිටකොටුව පාවෙන වෙළෙඳ සංකීර්ණය පිළිසකර කිරීම මේ දිනවල සිදුවෙයි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ප්‍රයෝජනය සදහා රුපියල් ලක්ෂ 350ක් වටිනා ගිලන් රථයක් ජපන් – ශ්‍රී ලංකා මිත්‍රත්ව පදනම විසින් ඊයේ(18) අරලියගහ මන්දිරයේදී ප්‍රදානය කෙරුණි.

ජපන් – ශ්‍රී ලංකා මිත්‍රත්ව පදනමේ සභාපති ආචාර්ය ලාල් තිලකරත්න මහතා ඇතුළු නියෝජිත පිරිසක් විසින් අග්‍රාමාත්‍යවරයා වෙත ගිලන් රථය නිල වශයෙන් භාරදෙනු ලැබීය.

එම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතාද එක්ව සිටියේය.

මෙරට ඉන්දියානු මහ කොමසාරිස් තරංජිත් සිං සන්දු මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක්  ඊයේපෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්විය.

මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ මෙරට චීන තානාපති චෙන්ග් ෂුවාන් මහතා අතර හමුවක් ඊයේ පෙරවරුවේ පැවැත්වුණේ අරලියගහ මන්දිරයේදී.

චීන රජයේ මැදිහත්වීමෙන් මෙරට ක්‍රියාත්මක ව්‍යාපෘති සහ ලබන වසරේදී චීන රජය මෙරට ක්‍රියාත්මක කිරීමට සැලසුම්කර ඇති ව්‍යාපෘති සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.

Read more

Local News