කෘෂි අමාත්‍යාංශ ගොඩනැඟිල්ල ඉවත් කිරිමට අනුමැතිය

Share

රුපියල් දෙකෝටියකට අධික මාසික කුලියක් ගෙවමින් රාජගිරිය ප්‍රදේශයේ පෞද්ගලික ගොඩනැඟිල්ලක පවත්වාගෙන ගිය කෘෂිකර්ම අමාත්‍යාංශය එම ස්ථානයෙන් ඉවත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

 

ඒ අනුව කෘෂිකර්ම අමාත්‍යාංශය බත්තරමුල්ල, රජමල් මාවතේ පිහිටි ගොවිජන මන්දිරයේ යලි ස්ථාපිත කිරිමට ඊයේ පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය හිමි වූ බවයි කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවසුවේ.

ඊට අදාල ගිවිසුම පිළිබඳ යළි සාකච්ඡා කර එම ගිවිසුම අහෝසි කිරීමට හෝ වෙනත් විකල්ප ක්‍රියාමාර්ගයක් එම ස්ථානය සම්බන්ධයෙන් ගැනීමට අමාත්‍ය මණ්ඩල රැස්විමමේ දී සාකච්ඡා වූ බව රමේෂ් පතිරණ අමාත්‍යවරයා කියා සිටියේය.

කෘෂිකර්ම අමාත්‍යාංශය පසුගිය 2016 වසරේ සිට රාජගිරියේ පිහිටි පෞද්ගලික ගොඩනැඟිල්ලක ස්ථාපිත කෙරුණු අතර ඒ සදහා මාසිකව රුපියල් දෙකෝටි හතලිස් එක් ලක්ෂයක පමණ මුදලක් කුලිය ලෙස ගෙවා තිබුණි.

Read more

Local News