නීතිය සෑම දෙනාටම අපක්ෂපාතී විය යුතු බවත්, වංචා, දූෂණ සහ අපරාද අවම කර ගැනීමට ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට රජය පසුබට නොවන බවත් ආර්ථික සහ ප්රත්පත්ති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ සවස (18) පැල්මඩුල්ල, ගොඩගම ප්‍රදේශයේ පසුගියදා පැවති පාක්ෂික හමුවකට එක්වෙමින්.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා මෙසේද පැවසීය.
“රජයක පළමු කාර්යභාරය විය යුත්තේ නීතිය සහ සාමය ආරක්ෂා කිරීමයි.
යම් රජයක වලංගුභාවය පරීක්ෂා කළ හැක්කේ ඔවුන්ට නීතිය හා සාමය නිසි ආකාරයෙන් පවත්වාගෙන යාමේ හැකියාව තිබෙනවාද කියන කරුණ මතයි.
නීතියේ ආධිපත්‍ය තුළ සිවිල් අධිකරණවලදී නීතිය සෑම දෙනාටම අපක්ෂපාතී විය යුතුයි.
නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීමට සහ ක්‍රියාත්මක කිරීම සඳහා වත්මන් රජය කැප වනවා.
නීතිය යොදා ගනිමින් දේශපාලන පළිගැනීම් සිදු කිරිමට වත්මන් රජය කිසිසේත් කටයුතු කරන්න සූදානම් නැහැ.
අපරාද තවදුරටත් අවම කර ගන්න ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග ගන්නත් අපි පසුබට වෙන්නේ නැහැ”



