මාර්ග හා මහා මාර්ග අමාත්‍යාංශය ගැන ජොන්ස්ටන්ගෙන් අනාවරණයක්

Share

මාර්ග හා මහා මාර්ග අමාත්‍යාංශය විසින් මහ ජනතාවගේ පවරාගත් ඉඩම් සඳහා 2015 වසරේ සිට මේ දක්වා ගෙවීම් සිදු කර නොමැති බව වරාය නාවික කටයුතු සහ මාර්ග හා මහා මාර්ග සංවර්ධන අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

 

එම ජනතාවට ගෙවීමට ඇති මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 25ක් පමණ වන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ මාර්ග සංවර්ධන ව්‍යාපෘතියක සමාරම්භක අවස්ථාවට එක්වෙමින් ජෝන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

පවරාගත් එම ඉඩම් හිමිව තිබූ ඇතැම් පුද්ගලයින් මේ වන විට ජීවතුන් අතර ද නොමැති බවයි අමාත්‍යවරයා එහිදි පැවසුවේ.

Read more

Local News