මට මඩ ගහන ව්‍යාපාරයක් ආරම්භ වෙලා – සජිත්

Share

තමාට මඩ ගැසීමේ ව්‍යාපාරය අද වන විට ආරම්භ වී ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

 

පසුගිය ජනාධිපතිවරණයේදී තමාට සහාය පළ කළ පාක්ෂිකයින්ට ස්තුතිය පළ කිරීම සඳහා පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුර අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසීය.

“පසුගිය මැතිවරණ ව්‍යාපාරය තුළ එක් දිනවල එක් එක් ගිනි කඳු නිර්මානය වුණා. එක වෙලාවක අර ගිවිසුම අත්සන් කරනවා කිව්වා. තවත් විවිධ ප්‍රකාශන නිකුත් වුණා.

ඒ හැම දේයකින්ම ජනතාවට හිතගන්න පුළුවන් අත්දෙක විතරක් නෙමෙයි කකුල් දෙකක් බැඳලා තමයි සජිත් ප්‍රේමදාසට ජනාධිපතිවරණයේ අපේක්ෂකත්වය ලැබුණේ.

මට බයක් තියෙනවා මට සිදු වුණ අසාධාරණය අපේ මන්ත්‍රීවරුන්ටක් සිදුවෙයි කියලා. කට ළඟටම ඇවිත් කියයි අරක දෙන්නම් මේක දෙන්නම් කියලා. දැක් කරන්න කියලා.

හැබැයි මම එකක් කියන්න කැමතී ඒ කරන්න කියන ඒ වගකීම් සියල්ල දැම්ම බාර දුන්නොත් මම බාර ගන්නවා.  එහෙම නැතුව මම බාර ගන්නට යන්නේ නෑ.

ඒ මට සිදුවුණ අකරතැබ්බය මම අපේ මන්ත්‍රීවරුන්ට වෙන්න දෙන්නේ නෑ. ඒ නිසා අද අළුත්ම ව්‍යාපාරයක් ආම්භ වෙලා තියනවා සිජිත් ප්‍රේමදාසට මඩ ගැසීමේ ව්‍යාපාරය.“

Read more

Local News