සජිත් ප්‍රේමදාස මහතා අවශ්‍ය බවට ජනතාව ඉල්ලන්නේ නම් එය කිරීමට සිදුවන බව එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම ගමගේ මහතා පවසයි.
අද පැවති මාධ්‍ය හමුකට එක් වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම ගමගේ මහතා මේ බව පැවසීය.
“ජනතාව කියනවා නම් සජිත් ප්‍රේමදාස දාන්නට ඕනේ කියලා. ජනතාව කියනවා නම් සජිත් ප්‍රේමදාස ආවොත් තමයි ඡන්දය දෙන්නේ කියලා. අපිට තව මාස තුනක කාලයක් තියෙන්නේ. අපිට ඒක කරන්න සිද්ධ වෙනවා.
ඡන්දය දෙන්නේ ජනතාව ඒ තිසා ජනතාව ඉල්ලන දේ දෙන්න වෙනවා. ජනතාව කෙසෙල් ගෙඩි ඉල්ලනවා නම් අපි බනිස් දීලා හරියන්නේ නෑ. ඒ නිසා ජනතාවගෙන් ඡන්දය ගන්න නම් ජනතාවගේ බලාපොරොත්තු සඵල වෙන් ඕනේ.“



