නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමක් ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර තිබේ.
ඒ අනුව, පසුගිය පැය 24 තුළ වර්ෂාපතනය මිලිමීටර 75 ඉක්මවා ඇති බැවින්, වර්ෂාව තවදුරටත් පවතී නම් නායයෑමේ, බෑවුම් කඩා වැටීමේ , ගල්පෙරළීමේ, පස් කණ්ඩි කඩා වැටීමේ හා පොළොව ගිලා බැසීමේ අවධානම සහිත විමසිලිමත් විය යුතු ප්‍රදේශ ලෙස මාතලේ දිස්ත්‍රික්කයේ විල්ගමුව හා ලග්ගල-පල්ලේගම පෙන්වා දී තිබේ.
මීට අමතරව මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර, නුවරඑළිය දිස්ත්‍රික්කයේ හඟුරන්කෙත, බදුල්ල දිස්ත්‍රික්කයේ උවපරණගම, වැලිමඩ, ඇල්ල, හල්දුල්ලමුල්ල, පස්සර, ලුණුගල, හාලිඇළ, බණ්ඩාරවෙල, හපුතලේ, සොරන්තොට හා බදුල්ල යන ප්‍රදේශ ද විමසිලිමත් විය යුතු ස්ථාන ලෙස නම් කර ඇත.
එමෙන්ම නායයෑම් අවධානම් සහිත ප්‍රදේශ ලෙස මාතලේ දිස්ත්‍රික්කයේ නාඋල ප්‍රදේශය පෙන්වා දී තිබේ.
නායයෑම් අවධානම සහිත ජනතාවට ඉවත් විය යුතු ප්‍රදේශයක් වශයෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ ප්‍රදේශයේ ජනතාව දැනුවත් කර තිබේ.



