ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ නව සභාපතිවරයා වශයෙන් ජයම්පති මොල්ලිගොඩ මහතා පත් කර තිබේ.
බොගවන්තලාව තේ වතු සමාගමේ හිටපු නියෝජ්‍ය සභාපතිවරයා වන ඔහු මෙට්‍රොපොලිටන් රිසෝසර්ස් හෝල්ඩිංග්ස් ලිමිටඩ් හි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකි.
ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ සාමාජිකයෙකු වන ඒ මහතා කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනයේ MBA උපාධිධරයෙකි.
තවද ඒ මහතා ශ්‍රී ලංකා සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරීන්ගේ සංගමයේ සාමාජිකයෙකු ද වේ.



