විදුලිබල මණ්ඩලය මේ වසරේ කෝටි 20,000ක ණය උඟුලක සිරවෙයි

Share

ලංකා විදුලිබල මණ්ඩලයේ නව සභාපතිවරයා වශයෙන් වෘත්තියෙන් ඉංජිනේරුවරයෙකු වන, මෙරට සහ විදේශයන් කිහිපයක ඉංජිනේරුවරයෙකු ලෙස කටයුතු කර ඇති විජිත හේරත් මහතා අද(20) අමාත්‍ය මහින්ද අමරවීර මහතා අතින් පත්වීම් ලිපිය ලබා ගත්තේය.

 

එහිදී අදහස් පළකළ අමාත්‍යවරයා, ලංකා විදුලිබල මණ්ඩලය මෙම වසර අවසාන වනවිට රුපියල් කෝටි 20,000ක ණය උඟුලක සිරවී සිටින බව සදහන් කළේය.

ලංකා විදුලිබල මණ්ඩලය මෙම වසරේ පාඩුව රුපියල් කෝටි 8500 කි.

එමෙන්ම ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ගෙවීමට ඇති මුදල රුපියල් කෝටි 8200කි.

ඊට අමතරව පුද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගැනීම නිසා එම ආයතන වලට ගෙවීමට ඇති මුදල රුපියල් කෝටි 4300 ක් බව සදහන් කළේය.

සමස්තයක් ලෙස ගත්කළ රුපියල් කෝටි 20,000ක ණය උගුලක සිරවී සිටින ලංකා විදුලිබල මණ්ඩලය ලාභ ලබන ආයතනයක් බවට පත් කිරීමටත්, එම ණය උගුලෙන් ගැලවීමටත් කටයුතු කරන ලෙස නව සභාපතිවරයාගේ අමාත්‍යවරයා ඉල්ලීමක් කළේය.

රජයේ ඉලක්කය මෙන්ම අතිගරු ජනාධිපතිතුමාගේ අපේක්ෂාව වන්නේ පරිසරය දූෂණය අවම කරමින් හරිත බලශක්ති උත්පාදනයට යොමුවීම බැවින්, පසුගිය වසර 5 තුළ අකර්මණ්‍ය කර තිබූ සූර්යබල ශක්ති ව්‍යාපෘති, සුළං බලශක්ති ව්‍යාපෘති ඇතුළු පරිසර හිතකාමී බලශක්ති නිෂ්පාදනයට ප්‍රමුඛත්වය දී එම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සදහා කටයුතු කරන මෙන්ද සදහන් කළේය.

Read more

Local News