දක්ෂිණ අධිවේගයේ ගමනාන්ත දෙකක බස් ගාස්තු අඩුවෙයි

Share

දක්ෂිණ අධිවේගි මාර්ගයේ ගමනාන්ත දෙකකට අදාළ බස් ගාස්තු ලබන 23 වනදා සිට අඩුකිරීමට පියවර ගෙන තිබේ.

 

මාතර සිට මීගමුව දක්වා සහ ගාල්ල සිට මීගමුව දක්වා ධාවනය වන බස් රථවල ගාස්තු අඩුකර ඇති බව මඟි ප්‍රවාහන කළමණාකරන අමාත්‍යාංශය සඳහන් කළේය.

මීගමුව සිට මාතර දක්වා රුපියල් 720ක් වු දක්ෂිණ අධිවේගි මාර්ගයේ බස් ගාස්තුව රුපියල් 700ක් දක්වා අඩුකර තිබේ.

එමෙන්ම මීගමුව සිට ගාල්ල දක්වා වු අධිවේගි මාර්ගයේ බස් ගාස්තුව රුපියල් 630 සිට රුපියල් 600 දක්වා සංශෝධන කර ඇති බවයි මගී ප්‍රවාහන කළමණාකරන අමාත්‍යාංශය පැවසුවේය.

Read more

Local News