මුළු රටම දේශපාලන දඩබිමක් – බන්ඩාරිගොඩ

Share

වත්මන් ආණ්ඩුව ලබා දුන් පොරොන්දු ඉටුකරගැනීමට නොහැකිව, මුළු රටම දේශපාලන දඩබිමක් බවට පත්ව ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බන්ඩාරිගොඩ මහතා පවසයි.

 

බලපිටියේ පැවති වැඩසටහනකට එක්වෙමින් මන්ත්‍රීවරයා මෙම අදහස් ප්‍රකාශ කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා පවසා සිටියේ, ආණ්ඩුව අරන් නව ජනාධිපතිවරයෙක් පත්වී මාසයක් ගෙවී ගොස් තිබිය දී පොරොන්දු ඉටු කර ගැනීමට නොහැකිව අද වන විට රටම දේශපාලන දඩබිමක් බවට පත්ව ඇති බවයි.

චම්පික රණවක මහතා අද වන විට අත්අඩංගුවට පත්ව ඇති බවත් කියා සිටි ඒ මහතා, පරීක්ෂණවල ස්වධීනත්වය ගැන බරපතළ ප්‍රශ්නයක් අද වන විට ඇති බවත් පැවසීය.

පොලිස් කොමිසමේ පවා ස්වාධීනත්වය ගැන අද වන විට ප්‍රශ්නයක් ඇති බවත් පැවසු ඒ මහතා මෙම පරීක්ෂණ මෙතරම් වේගවත් වන්නේ, අනතුරට පත්වු සන්දීප් නැමති තරුණයාට සාධාරණත්වයක් ඉටු කිරීමට ද නැතිනම් දේශපාලනික පළිගැනීමකට දැයි ප්‍රශ්න කර සිටියේය.

අද වන විට පොහොර නොමැති බවත්, එළවළු මිල වැඩි වීමෙන් ජනතාව පීඩාවට පත්ව ඇතැයි ද කියා සිටි ඒ මහතා, කළමනාකරණයක් කර ගත නොහැකි කණ්ඩායමක් බව අද වන විට ජනතාව ඉදිරියේ ඔප්පු වෙමින් තිබෙන බවත් එය වසන් කිරීමට අද වන විට මෙවැනි දේශපාලනික දඩයම් කරන බවද පැවසීය.

Read more

Local News