නායයෑම් අධි අවදානම් කලාප සහිත දිස්ත්‍රික්ක 14 ක් හඳුනා ගනී

Share

නායයෑම් අධි අවදානම් කලාප සහිත දිස්ත්‍රික්ක 14 ක් හඳුනාගෙන තිබේ.

 

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය ගාමිණි ජයතිස්ස මහතා සඳහන් කළේ, බදුල්ල, නුවරඑළිය, මාතලේ, කෑගල්ල, රත්නපුර, කුරුණෑගල, ගම්පහ, කොළඹ, කළුතර, රත්නපුර, ගාල්ල, මාතර, හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ නායයෑමේ අධි අවදානම් කලාප ලෙස හඳුනා ගෙන ඇති බවයි.

එම අධි අවදානම් කලාපවල ජීවත්වන පවුල් සංඛ්‍යාව 15,000 කි.

එම ප්‍රදේශවල ජනතාව කඩිනමින් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරිම මේ වනවිට ආරම්භ කර ඇතැයි ගාමිණි ජයතිස්ස මහතා ප්‍රකාශ කළේ ය.

Read more

Local News