දකුණු අධිවේගයේ ගමනාන්ත 2ක බස් ගාස්තු සංශෝධනය වෙයි

Share

අද සිට ක්‍රියාත්මක වන පරිදි දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමනාන්ත 2ක බස් ගාස්තු සංශෝධනය කර තිබේ.

 

මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යංශය පැවසුවේ මාතර සිට මීගමුව දක්වාත්, ගාල්ල සිට මීගමුව දක්වාත් ධාවනය වන බස් රථවල එලෙස ගාස්තු සංශෝධනය කර ඇති බවය.

ඒ, අනුව මීගමුව සිට මාතර දක්වා රුපියල් 720 ක් වූ දක්ෂිණ අධිවේගී මාර්ගයේ නව බස් ගාස්තුව රුපියල් 700 ක් වනු ඇති.

මීගමුව සිට ගාල්ල දක්වා වූ බස් ගාස්තුව රුපියල් 630 සිට 600 දක්වාත් අඩු කර තිබේ.

Read more

Local News