විදුලිබල ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදි පරිසර හිතකාමි වෙන්න

Share

විදුලිබල ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදි පරිසර හිතකාමිසුළං බල විදුලිය හා සූර්යබල විදුලි උත්පාදන ව්‍යාපෘතිවලට ප්‍රමුඛත්වය ලබාදෙන ලෙස අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.

 

උන්වහනසේ පෙන්වා දෙන්නේ මෙරට විදුලිබල උත්පදනය සඳහා යොදාගන්නා ගල් අඟුරු, පොසිල, ඉන්ධන වැනිබලශක්ති මූලාශ්‍ර හේතුවෙන් පරිසරයට විශාල හානියක් සිදුවන බවයි.

ඕසෝන් ස්ථරයට මෙන්ම ජනතාවගේ සෞඛ්‍ය තත්වයන්ටද එමඟින්එල්ල කරන බලපෑම හේතුවෙන් පරිසර හිතකාමී විදුලි උත්පාදනයට ප්‍රමුඛත්වය ලබාදෙන ලෙසයි උන්වහන්සේ සඳහන් කළේය.

අද පෙරවරුවේ ප්‍රවාහන කළමණාකරන, විදුලි බල හා බල ශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමඟ පැවති හමුවේදී මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්මේ බව සඳහන් කළේය.

Read more

Local News