ප්‍රකාශයක් ලබාදීම සඳහා කොළඹ, උතුර කොට්ඨාශ 02 භාර පොලිස් අධිකාරී සංජීව බණ්ඩාර මහතා පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවට පැමිණ තිබේ.
පෙරවරු 10.00ට පමණ පොලිස් අධිකාරීවරයා එම කොමිසම වෙත පැමිණි බව එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
ජනපති කොමිසම හමුවේ පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු පසුගිය දා සාක්ෂි ලබා දුන් අතර පසුගිය 21වනදා පොලිස් අධිකාරී සංජීව බණ්ඩාර මහතාගේ පෞද්ගලික සහකාරවරයා ලෙස කටයුතු කළ පොලිස් පරීක්ෂක ආර්.එස් උපේන්ද්‍ර මහතා සාක්ෂි ලබා දී තිබුණි.
එහිදී ඔහු පැවසුවේ ප්‍රහාරයෙන් පසු පොලිස් සටහන් පොත වෙනස් කිරීම සඳහා පොලිස් අධිකාරී සංජීව බණ්ඩාර මහතා තමා සමග සාකච්ඡා කළ අතර විමර්ශනයට අදාළව තමන් විසින් මෙතෙක් සිදුකළ ප්‍රකාශ ලබාදුන්නේ සංජීව බණ්ඩාර මහතාගේ උපදෙස් අනුව බව කියා සිටියි.
ජනපති කොමිසම හමුවේ මීට පෙර සාක්ෂි ලබාදුන් සාක්ෂිකරුවන් හරහා උපේන්ද්‍ර මහතාට අගතියක් සිදුව ඇති බවට පෙනී යන බැවින් අදාළ සාක්ෂි පරීක්ෂා කිරීමට ජනවාරි මස 10 වනදා දක්වා අවස්ථාව ලබාදෙන බව කොමිසම පසුගියදා සඳහන් කළේය.
නීතිඥවරුයෙකු මාර්ගයෙන් ඔවුන්ගෙන් හරස් ප්‍රශ්න යොමුකිරීමට අවස්ථාව ලබාදෙන බවයි ජනපති කොමිසම වැඩිදුරටත් සඳහන් කර සිටියේය.



