පාඨලී කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට

Share

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙනවිත් තිබේ.

 

බන්ධනාගාර නිලධාරීන් විසින් පෙරවරු 09.00 ට පමණ මන්ත්‍රීවරයා අධිකරණය වෙත රැගෙන ආ බව අප අධිකරණ වාර්තාකරු පැවසුවේ.

ඒ අනුව මන්ත්‍රීවරයාට එරෙහි නඩුව මේ වන විට අධිකරණය හමුවේ විභාග කෙරෙන බව සදහන්.

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේදී සංදීප් සම්පත් නමැති තරුණයා රිය අනතුරට ලක්කිරීම, අනතුරින් පසු පලායාම සහ සාක්ෂි වසන් කිරීම යන චෝදනා පාඨලී චම්පික පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට එරෙහිව එල්ල වී ඇත.

Read more

Local News