බදු අඩු කිරීමෙන් ආයෝජන වැඩි කරන්න පුළුවන්

Share

බදු අඩු කිරීම හරහා ආයෝජන වැඩි කිරිම නව ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිය බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සරත් අමුණුගම මහතා පවසයි.

 

මහනුවර පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

මන්ත්‍රීවරයා පැවුසුවේ බදු අඩු කිරීම මඟින් ආයෝජකයින්ට වැඩි ප්‍රමානයක් මුදල් ආයෝජනය කිරීමට ඉඩ ලැබෙන බවයි.

බදු ඉහළ දැමීම මඟින් පසුගිය ආණ්ඩු සිදු කළේ අයවැඩ පියවා ගැනීමක් පමනක් බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

නමුත් නව බදු ප්‍රතිපත්ති හරහා ආයෝජකයින්ට මුදල් ඉතුරු කර ගනිමින් නැවතත් ආයෝජනය කර එයින් ධනය වැඩිකර ගත හැකි බවයි.

Read more

Local News