MCC ගිවිසුම ගැන අධ්‍යනය කරන කමිටුව හා අගමැති හමුවෙයි

Share

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් හෙවත් එම්.සී.සී ගිවිසුම අධ්‍යනය කිරීම සඳහා පත් කළ සිව් පුද්ගල කමිටුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුණ ගැසී සාකච්ඡා කර තිබේ.

 

කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ආචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතාගේ සභාපතීත්වයෙන් යුත් මෙම කමිටුව ඊයේ (23) දිනයේදී අග්‍රාමාත්‍යවරයා මුණ ගැසී ඇති බව වාර්තා වේ.

ප්‍රවාහන අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙකු වන ඩී.එස්.ජයවීර, ජනාධිපති නීතිඥ නිහාල් ජයවර්ධන සහ නාලක ජයවීර යන මහත්වරුන් මෙම කමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස කටයුතු කරයි.

කමිටු සාමාජිකයින් එම්.සී.සී. ගිවිසුමේ මූලික ලේඛන, කමිටුව වෙත ලබාදෙන ලෙස මෙහිදී අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් සිදුකර ඇති අතර ඒඅනුව ඉදිරි දින කිහිපයේදී එම ලේඛන කමිටුව වෙත ලැබෙනු ඇති බව ආචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතා සදහන් කළේය.

එම ලේඛන ලැබීමෙන් අනතුරුව කමිටුවේ කටයුතු ආරම්භ කිරීමට පියවර ගන්නා බව ද ඔහු කියා සිටියේය.

අමාත්‍ය මණ්ඩල තීරණයක් මත එම්.සී.සී ගිවිසුම අධ්‍යයනය කිරීම සදහා මෙම කමිටුව පත්කළ අතර කමිටුවේ නිර්දේශ ඉදිරිපත් කෙරෙන තුරු එම ගිවිසුම අත්හිටුවීමට රජය තීරණය කළේය.

Read more

Local News