නාවලපිටිය නගර සිමාවේ ඩෙංගු මදුරුවන් බෝවන ආකාරයට පරිසරය පවත්වාගෙන ගිය නිවැස් හිමියන් දෙදෙනෙකුට අධිකරණය හමුවේ නෛතික පියවර ගැනිමටත් නිවාස සහ වෙලදසැල් හිමියන් විසි දෙදෙනෙකුට රතු නිවේදන නිකුත් කර ඇත.
නාවලපිටිය පොලිසියේ ප්‍රජා පොලිස් ඒකකය ,නාවලපිටිය නගර සභාව , නාවලපිටිය ප්‍රාදේශිය ලේකම් කාර්යයාලය , නාවලපිටිය සෞඛ්‍යය වෛද්‍යය අධිකාරි කාර්යයාලය ඇතුළු රාජ්‍යය ආයතන කිහිපයක් සහ ප්‍රජා සංවිධාන කිහිපයක් එක්ව පසුගිය දින කිහිපය පුරා ප්‍රදේශය පුරා පරික්ෂාවට ලක් කෙරිණ.
පළමු අවස්තාවේ ඩෙංගු මදුරුකාරකයන් බෝවන ආකාරයට පරිසරය පවත්වාගෙන ගිය නිවැස් සහ වෙලදසැල් හිමියන්ට පරික්ෂාවට ලක් කල නිලධාරින් විසින් පරිසරය මදුරු කිටයන් බෝ නොවන ආකාරයට පවත්වාගෙන යාටම උපදෙස් ලබාදුන් අතර එම උපදෙස් නොපිලිපදිමින් කටයුතු කල තිබු ප්‍රදේශවාසින් දෙදෙනෙකුට නෛතික පියවර ගැනිමටත් තවත් විසි දෙදෙනෙකුට රතු නිවේදන නිකුත් කිරිමට පියරව ගත් බවයි නාවලපිටිය පොලිසියේ පරිසර එක්කයේ නිලධාරින් කියා සිටියේ.
නාවලපිටියි නගර සිමාව පුරා ඩෙංගු මදුරු කිටයන් බෝවන ආකාරයට පරිසරය පවත්වාගෙන යන අයවරුන් නිතියේ රැහැනට කොටු කර ගැනිමට කටයුතු කරන බව නාවලපිටිය නගර සභාවේ සෞඛ්‍යය අංශයේ නිලධාරින්ද පැවසිය.



