ධීවර ඇමති කාලේ රාජිත කළ දේවල්

Share

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා ධීවර අමාත්‍යවරයාව සිටි අවධියේ එම අමාත්‍යාංශයේ සිදුවූ අක්‍රමිකතා පිළිබඳව ඔප්පු කිරීමට තමන් සූදානම් බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මහතා පවසයි.

 

අලුත්ගම ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා පවසා සිටියේ, ධීවර අමාත්‍යාංශයේ හිටපු කාලයේ රාජිත සේනාරත්න මහතා නැව් පිටින් ගිල දැමු බවයි.

ඒ කාලයේ දී ධීවර කේෂ්ත්‍රයම කඩා වැට්ටු බවත් පැවසු ඒ මහතා, ධීවරයින්ගේ මහ ගෙදර දී ධීවර ජනතාවගේ ඔලු පැලු බවත් ඒ මහතා පැවසීය.

ධීවර කේෂ්ත්‍රයේ කඩා වැටීමක් ඒ කාලයේ දී සිදු වු බවත් පැවසු පියල් නිශාන්ත මහතා, රාජිත සේනාරත්න ධීවර ජනතාවට කරපු දේ වෙනුවෙන් එම ජනතාවගෙන් සියයට 90කට වැඩි පිරිසක් මෙවර මැතිවරණයේ දී ගෝඨාභය මහතාට ඡන්දය ලබා දුන් බවත් කියා සිටියේය.

රාජිත සේනාරත්න ධීවර ඇමති කාලයේ සිදුකල සියලු අක්‍රමිකතා සියල්ල ඔප්පු කරන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

Read more

Local News