කිසිම රාජ්‍ය ආයතනයකට හෝ පළාත් රාජ්‍ය ආයතනයකට මින් ඉදිරියේදී විදේශ රටවල් සමඟ කිසිඳු ගිවිසුමකට හෝ අවබෝධතා ගිවිසුමකට එළඹිය නොහැකි බව ජනාධිපතිවරයා විසින් ප්‍රකාශ කළ බව තොරතුරු සන්නිවේදන තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.
රජයේ පවතින නිර්ණායකවලින් පිට ක්‍රියා කිරීමට එමගින් නොහැකි වන අතර එමගින් රටේ විනයක් ඇති කරමින් රට පාලනය කළ යුතු බවද අමාත්‍යවරයා පැවසීය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (24) පෙරවරුවේ ජනමාධ්‍ය අමාත්‍යංශයේදී පැවති මාධ්‍ය සාකච්ඡාවකදීය.
ජාත්‍යන්තර සහයෝගීතා රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමාද මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වීය.
අමාත්‍යවරයා පැවසුවේ රාජ්‍ය අංශයේ දූෂණ අවම කරමින් කාර්යක්ෂම සේවාවක් බවට පත්කිරීම සදහා නව තාක්ෂණය යොදාගෙන කෙටි කාලයක් තුළදී රාජ්‍ය අංශය ඩිජිටල්කරණය කිරීමට තීරණය කළ බවයි.
මේ වන විට ඒ සදහා අවශ්‍ය මූලික වැඩකටයුතු සාකච්ඡා කර අවසන් අතර එක්සත් ජාතීන්ගේ මානව සංවර්ධන අරමුදල (UNDP) තාක්ෂණ සහය ලබාදීමට කැමැත්ත ප්‍රකාශ කර ඇති බවද අමාත්‍යවරයා පැවසීය.



