උදාවූ අසිරිමත් නත්තලේ කාදිනල් හිමිගෙන් ඉල්ලීමක්

Share

අසිරිමත් නත්තල ඊයේ (24) මධ්‍යම රාත්‍රියෙන් උදා විය.

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සමරන අසිරිමත් නත්තල ලොව පුරා කිතුණු බැතිමතුන් මහත් උත්සවශ්‍රීයෙන් සමරයි.

අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ප්‍රධාන නත්තල් දේව මෙහෙය ඊයේ මධ්‍යම රාත්‍රියේ වතිකානුවේ ශාන්ත පීතර බැසිලිකාවේදී පවත්වා තිබේ.

මෙරට ප්‍රධාන නත්තල් දේව මෙහෙය කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ රාත්‍රී 11.45 ට කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දෙව් මැදුරේදී පැවැත් විය.

පාස්කු ප්‍රහාරයෙන් විපතට පත්වූවන් සිහිකිරිමට ද මෙවර නත්තලේ දී අරමුණු කොට ගත යුතු බව උන්වහන්සේ එහිදි පෙන්වා දුන්නේය.

මේ අතර නත්තල් සමය වෙනුවෙන් උපරිම ආරක්ෂාවක් සැපයීමට පියවර ගෙන ඇති බව  යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read more

Local News