පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 50% කින් ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
එහි අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය අරුණ ජයසේකර මහතා සඳහන් කළේ, පසුගිය වසරේ ඩෙංගු රෝගීන් 51000 ක් වාර්තා වූ බවයි.
වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වී ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 91,000 කට අධික බව ද ඔහු පැවසී ය.
මේ වන විටත් කොළඹ, ගම්පහ,මඩකලපුව හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල ඩෙංගු රෝග ව්‍යාප්තිය ඉහළ මට්ටමක පවතින බව වෛද්‍ය අරුණ ජයසේකර මහතා සඳහන් කළේ ය.
ඔහු පැවසුවේ, රෝගය පැතිරීම පාලනය සඳහා විශේෂ මදුරු මර්දන වැඩසටහන් දිවයින පුරා ක්‍රියාත්මක බවයි.



