දේශපාලන පත්වීම් ලැබ විදේශ සේවයේ තානාපති හා මහ කොමසාරිස් ධුරවල සේවය කළ 15 දෙනෙකු යළි කැඳවූ බව විදේශ සබඳතා අමාත්‍යංශය පවසයි.
අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේ, ඒ සඳහා සුදුසුකම් සහිත පුද්ගලයින් කඩිනමින් පත් කරන බවයි.
මේ අතර විශ්‍රාම යාම හේතුවෙන් විදේශ සේවයේ තානාපති තනතුරු දැරූ නිලධාරීන් හත් දෙනෙකු ද යළි දිවයිනට පැමිණෙන බව ඔහු සඳහන් කළේ ය.
එම පිරිස් සඳහා ද කඩිනමින් අනුප්රාප්තිකයින් පත් කිරීමට නියමිතයි.



