ජනවාරි මුල දී නිල ඇඳුම් සහ පාවහන් වව්චර්

Share

පාසල් දරුවන්ට ජනවාරි මස 03වනදා වන විට නිල ඇඳුම් සහ පාවහන් සඳහා වව්චර් පත් ලබාදීමට පියවර ගන්නා බව අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

 

ඒ අනුව විවෘත වෙළදපොලෙන් නිල ඇඳුම් සහ පාවහන් ලබා ගැනීමට ඒ හරහා දරුවන්ට හැකියාව ලැබෙන බවයි ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ.

කෑගල්ල ප්‍රදේශයේ ඊයේ පස්වරුවේ පැවති ජන හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

Read more

Local News