අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් Sarah Hulton මහත්මිය අතර හමුවක් අද(27) පෙරවරුවේ අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ දී සිදු විය.
නව රජය විසින් නීති ක්ෂේත්‍රයේ ඉටු කිරීමට බලාපොරොත්තු වන ප්‍රතිසංස්කරණ ක්‍රියාවන් මෙන්ම බන්ධනාගාර අංශයේ ප්‍රතිසංස්කරණයන් පිළිබඳව අමාත්‍යවරයා විසින් මහ කොමසාරිස්වරිය දැනුවත් කරන ලදී.
බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා නීති කෙටුම් පත් සම්පාදනය යන අංශයන් සඳහා මහා බ්‍රිතාන්‍ය රජය විසින් විශේෂඥ දැනුම ලබාදීමට සුදානම් බවත්, සිදු කර ගෙන යනු ලබන ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳව සිය ප්‍රසාදය පළ කරන බවත්, මහ කොමසාරිස්වරිය ප්‍රකාශ කළාය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජය යටතේ මෙරට සෑම ජන වර්ගයකටම නීතියේ හා යුක්තියේ සාධාරණත්වය එකසේ ලබාදීම රජයේ ප්‍රතිපත්තිය හා වැඩ පිළිවෙල බවත්, ඡන්දය ලබා දුන් නොදුන් සියලු දෙනාටම එකසේ සේවය කිරීමට මෙම රජය කටයුතු කරන බවත්, නීතියේ ආධිපත්‍යය සුරකීම සදහා රජය කටයුතු කරන බවත්, එහිදී අමාත්‍යවරයා සදහන් කළේය.



