ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨ රෝහලේ නිරීක්ෂණයක නිරතවුණි.
ඊයේ පස්වරුවේ විද්‍යාපීඨ රෝහල වෙත පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහි සායන කටයුතු මෙන්ම ශල්‍යාගාරද නිරීක්ෂණය කළේය.
රෝහල් කාර්ය මණ්ඩලය සමග සිදුකළ සාකච්ඡාවේදී රෝහලේ පවතින අඩුපාඩු කිහිපයක්ද අනාවරණය වී ඇත.
රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් 68 දෙනෙකුගේ අවශ්‍යතාවය වෛද්‍යවරුන් 40 දෙනෙකු විසින් ඉටු කරනු ලබන අතර සාමාන්‍ය වෛද්‍යවරුන් සිය දෙනෙකුගේ අවශ්‍යතාවය ඉටු කරනු ලබන්නේ වෛද්‍යවරුන් 20 දෙනෙකු පමණයි.
එමෙන්ම ඇදන් 700කින් සහ වාට්ටු 09කින් සමන්විත රෝහලේ දැනට ක්‍රියාත්මක වන්නේ වාට්ටු 04ක් පමණක් බවද අනාවරණ වී ඇත.
එම සියලු අඩුපාඩුකම් කඩිනමින් සම්පුර්ණ කිරීමට පියවර ගන්නා ලෙස එහිදී ජනාධිපතිවරයා අදාල නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
මේ අතර ගාලුමුවදොර අභියස පිහිටි ආරක්ෂක අමාත්‍යංශ පරිශ්‍රයද ඊයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිරීක්ෂණයට ලක්වුණි.
විධිමත් සැළැසමක් ඔස්සේ භූමිය සැකසීමේ කටයතු කඩිනමින් ඉටු කරන ලෙස මෙහිදී ජනාධිපතිවරයා උපදෙස් ලබා දුන්නේය.



