ජනවාරි 3වනදා රැස්වන නව පාර්ලිමේන්තු සභාවාරයේදී විපක්ෂ නායකවරයා ලෙස සජිත් ප්‍රේමදාස මහතාගේ නම බලාත්මක වනු ඇති.
සජිත් ප්‍රේමදාස මහතාට විපක්ෂයේ ඉදිරිපෙළ අසුන්වල 8 වන අසුන වෙන් කර ඇති අතර ජ්‍යෙෂ්ඨත්වය අනුව රනිල් වික්‍රමසිංහ මහතාට විපක්ෂයේ ඉදිරිපෙළ 7 වන අසුන වෙන් කර තිබේ.
මේ අතර සිය ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නව පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගී වන අතර ජනාධිපතිවරයාට ආණ්ඩු පක්ෂයේ ඉදිරි පෙළ 8 වන අසුන වෙන් කර ඇති බව සදහන්.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත ඉදිරිපෙළ 7 වන අසුනත් සභානායක සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුර සදහා සුපුරුදු පරිදි ආණ්ඩු පක්ෂයේ ඉදිරි පෙළ 6 වන සහ 5 වන අසුන් පනවා තිබේ.
අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් සහ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට ජ්‍යෙෂ්ඨත්වය මත පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ අසුන් පනවා ඇති බව සදහන්.
මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ, දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන්ගේ සහ රවුෆ් හකීම්, රිෂාඩ් බදියුදීන් ඇතුළු සෙසු පක්ෂ නායකවරුන්ගේ අසුන්වල වෙනසක් සිදුකර නොමැති බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසුවේය.



