හෙරොයින් තොගයක් සමඟ අයෙක් අත්අඩංගුවට

Share

තලංගම ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී හෙරොයින් තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය සිදුකළ විමර්ශනයකට අනුව අදාල සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේය.

ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 25 ක් සොයාගෙන ඇත.

සැකකරු වැඩිදුර විමර්ශන සඳහා තලංගම පොලිසිය වෙත භාර දී ඇති බව සඳහන්.

මේ අතර හෝකන්දර, පුංචි වැල්ලංගිරිය ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී ගංජා ග්‍රෑම් 100ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේය.

Read more

Local News