වව්නියාව, ඊච්චන්කුලම්, අම්මීවයිත්තන් ප්‍රදේශයේ ළිඳක තිබී දැරියකගේ මළ සිරුරක් සොයා ගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ, අවුරුද්දක් වයසැති දැරියකගේ සිරුරක් එලෙස සොයා ගත් බවයි.
දැරියගේ දෙමාපියන් අතර ඊයේ රාත්‍රියේ බහින් බස්වීමක් සිදුව ඇති අතර එම සිද්ධියෙන් පසු දැරිය නිවසේ නොමැති බව නිරීක්ෂණය වී තිබේ.
පසුව කළ සොයා බැලීමේදී දැරියගේ සිරුර ළිදේහි තිබී සොයා ගත් බව පොලීසිය සඳහන් කළේ ය.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.



