තේ වගාවේ අස්වනු ඉහළ නැංවීමට තාක්ෂණික පැකේජයක් ක්‍රියාවට නැංවීමට වැවිලි කර්මාන්ත අමාත්‍යංශය සැළසුම් කර තිබේ.
එම අමාත්‍යංශය සඳහන් කළේ, දැනට අක්කරයකින් නෙළා ගන්නා තේ දළු ප්‍රමාණය කිලෝග්‍රෑම් 350 ත් 400 දක්වා සීමා වී ඇති බවයි.
තාක්ෂණික පැකේජයක් ක්‍රියාවට නැංවීම තුළින් අක්කරයකින් තේ දළු කිලෝ 1000ක් නෙළා ගැනීමට හැකියාව ලැබෙන බව වැවිලි කර්මාන්ත අමාත්‍යංශය පැවසුවේ ය.



