මියගිය වන අලියෙකුගේ සිරුරක් අද (30) උදැසන දිඹුලාගල බිම්පොකුණ වෙල්යායට නුදුරින් කුඩා රක්ෂිතයකදි හමු වී ඇත.
මෙම වන අලියා මිට දින හතරක සිට බිම්පොකුණ වැවේ සහ ප්‍රදේශයේ සැරි සරමින් සිටි බවත් එම අලියාගේ මුඛ ප්‍රදේශයේ වෙඩිල්ලක සලකුණක් සහ තුවාලයක් දක්නට තිබුණ බවද ප්‍රදේශවාසීන් පවසයි.
මේ සම්බන්ධයෙන් වෙහෙරගල වනජිවි නිලධාරි කාර්යාලයෙන් දුරකතනයෙන් කල විමසිමකදි එහි උසස් නිලධාරියෙකු පැවසුවේ එම අලියාට වනජිවි දෙපාර්තමේන්තුවේ විශේෂ වෛද්‍යවරයෙකු පැමිණ දින කිහිපයකට පෙරදි ප්‍රථීකාර කෙරු බවත් අලියා මියගොස් ඇත්තේ හක්කපටස් ද්‍රව්‍ය ආහාරයට ගැනිමෙන් බවද සැක කරන බවයි.
කෙසේ වෙතත් එම අලියාට වෙඩි වැදි ඇද්ද යන්න සොයා බලන බවත් ඒ සඳහා පරික්ෂණ කටයුතු අද දහවල් ආරම්භ කිරිමට නියමිත බවත් එම නිලධාරියා පැවසු බව අප වාර්තාකරු සඳහන් කළේය.



