සජිත්ගේ අවිශ්වාසයක් ගැන රංගේ කියයි

Share

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය තමන්ට හිමිනොවනු ඇති බවට සජිත් ප්‍රේමදාස මහතාට අවිශ්වාසයක් පැවතියත් පක්ෂයේ කණ්ඩායම් රැස්වීමේදී එම ධුරය ඒකමතිකව ඔහුට ලබාදීමට තීරණය කළ බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

 

එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේබණ්ඩාර මහතා අද(30) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කළේය.

මෙහිදී අදහස් දැක්වු ඒ මහතා පවසා සිටියේ, පසුගිය දා රජය විසින් අඩු කරන ලද වැට් ඇතුළු බදුවර්ගවලින් ජනතාවට අද වන විට අඩුවී ඇත්තේ කුමක් ද යන්නයි.

බඩු මිල අඩු වීමක් නොවුන බවත් ජනතාව ගෙදරට ගෙනියන බඩු මල්ලේ ප්‍රමාණය මේ වන විට අඩු වී ඇතැයි ද ඒ මහතා පැවසීය.

ප්‍රශ්නය – පසුගිය දිනක සජිත් ප්‍රේමදාස මහතා කියනවා විපක්ෂනායක ධුරය ලැබෙයි කියලා විශ්වාස නැහැ කියලා.ඇයි එහෙම වෙන්නේ ?

රංගේ බංඩාර – ඒක එයාගෙන් තමයි අහන්න ඕනේ

ප්‍රශ්නය – ඔබතුමාගේ පක්ෂයනේ ?

රංගේ බංඩාර – අවිශ්වාසය ඇත්තේ එතුමාට බැවින් ඔහු ඒ ගැන පැවසිය යුතු බවත් කියා සිටි ඒ මහතා, අපට අවිශ්වාස නැතැයි ද පැවසීය.

බොහෝම සත්භාවයෙන් ඒකමතිකව කණ්ඩායමක් ලෙස සජිත් ප්‍රේමදාස මහතාට විපක්ෂ නායකධූරය ලබා දීමට කැමැත්ත ප්‍රකාශ කළ බවත් කියා සිටි ඒ මහතා, නායකවරයා විසින් මේ බව ප්‍රකාශ කරනු ලැබුවේ සජිත් ප්‍රේමදාස මහතා සිටි රැස්වීමේ දී බවත් කියා සිටියේය.

ඒකට සැකයි යනුවෙන් පවසන්නේ නම් එය සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඇසිය යුතු බවත් රංගේ බංඩාර මහතා පැවසීය.

ප්‍රශ්නය – පාර්ලිමේන්තුවේ රාජාසන කතාව පරාජය කළ යුතුයි කියලා ඔබතුමාලාගේ පක්ෂයේ පසුපෙල මන්ත්‍රීවරුන් පිරිසක් කියනවා.තවත් පිරිසක් කියනවා මේක පරාජය කළ යුතු නැහැ ජනාධිපතිතුමාට සහාය දිය යුතුයි කියලා.මොකක්ද මේකේ අලුත් තත්ත්වය ?

එවැනි දෙයක් කිසිවෙකු ප්‍රකාශ නොකළ බවත් පැවසු රංගේ බණ්ඩාර මහතා, එජාපය සමඟ සිටින සහෝදර පක්ෂ හෝ එවැනි දෙයක් කතා කර නොමැති බවත් පැවසීය.

මේ අතර පක්ෂයෙන් සිදුකළ කැඳවීමක් අනුව එක්සත් ජාතික පක්ෂයේ සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මේ වනවිට පිටකෝට්ටේ පිහිටි සිරිකොත පක්ෂ මූලස්ථානය වෙත පැමිණෙමින් සිටියි.

ඒ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත විශේෂ හමුව සඳහා සහභාගි වීමටයි.

Read more

Local News