හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අත්අඩංගුවට ගැනීම නීත්‍යානුකුල ආකාරයෙන් සිදුව ඇති බව වැඩබලන පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා ජාතික පොලිස් කොමිෂන් සභාවට දැනුම් දී තිබේ.
පසුගිය 27 වනදා පොලිස් කොමිසම රැස්වු අවස්ථාවේදී වැඩබලන පොලිස්පතිවරයා විසින් වාචිකව එම දැනුම්දීම සිදුකළ බව එහි ලේකම් නිශාන්ත වීරසිංහ මහතා පැවසුවේය.
පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු අත්අඩංගුවට ගැනීමට අදාළ පිළිවෙත පොලිසිය අනුගමනය නොකර පාඨලී චම්පික රණවක මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අවධානය යොමුකරන ලෙස ඉල්ලමින් නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා විසින් පසුගිය 20 වනදා පොලිස් කොමිසමේ සභාපතිවරයාට ලිපියක් යොමුකර තිබුණි.
අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවීමට පොලිස් කොමිසම තිරණය කළ අතර පාඨලී චම්පික රණවක මන්ත්‍රිවරයා අත්අඩංගුවට ගැනීමේදී නියමිත ක්‍රියාපිළිවෙත අනුගමනය කර ඇත්ද යන්න සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන ලෙස එම කොමිසම වැඩබලන පොලිස්පතිවරයා වෙත දැනුම්දීමක් සිදුකළේය.
ඒ අනුව වැඩබලන පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා පොලිස් කොමිසම හමුවේ ප්‍රකාශ කර ඇත්තේ පාඨලී චම්පික රණවක මන්ත්‍රිවරයා අත්අඩංගුවට ගැනීමේදී පොලිසිය නියමිත ක්‍රියා පිළිවෙත අනුගමනය කර ඇති බවයි.
මේ සම්බන්ධයෙන් කථානායක කරු ජයසූරිය මහතා දැනුවත් කිරීමටද වැඩබලන පොලිස්පතිවරයා කටයුතු කර ඇති බව වාර්තා වන්නේ ජාතික පොලිස් කොමිසම ලබන වසරේ ජනවාරි මස 02 වනදා යළි රැස්වීමට නියමිතව තිබේ.



