හබරාදූව, පොල්හේන ප්‍රදේශයේ හෙරොයින් ජාවාරමේ නිරත කාන්තාවක් සහ තවත් අයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
හබරාදුව පොලීසිය විසින් සිදුකළ වැටලීමකදි අදාළ කාන්තාව සහ ඇගේ අනියම් පෙම්වතා බවට සැක කෙරෙන පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ඔවුන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 4කට ආසන්න ප්‍රමාණයක් සොයාගෙන තිබේ.
අත්අඩංගුවට ගත් කාන්තාව පොල්හේන ප්‍රදේශයේ හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි කුඩු හංසි නමැති අයෙකු බව පොලීසිය පැවසුවේය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (30) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.



