තමන් ඉදිරි මහමැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරඟ කිරීමට සූදානම් බව හිටපු ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් පවසයි.
ඔහු මේ අදහස් පළ කළේ කළුතර පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් හිටපු ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් මෙසේ පැවසීය.
“ජනාධිපති සහ අගමැති හමුවුණා ඒ දෙන්නාගේ අශීර්වාදයක් තියෙනවා මැතිවරණයට ඉදිරිපත් වෙන්න කියලා. ඉතින් මේ වෙනකොට සූදානම් වෙමින් ඉන්නේ ඉදිරි මැතිවරණයේදී පොහොට්ටුවෙන් තරග කරලා. ජනාධිපතිට තවත් තරුණ ශක්තියක් ලබා දෙන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ.
ගාල්ල දිස්ත්‍රික්කයෙන් තරග කරන්න කියලා තමයි ආරංචිය තියෙන්නේ. දේශපාලනයට එන කොට වැඩ පිළිවෙලක් නැතුව එන්න බෑ. ඉදිරියේදී වැඩපිළිවෙල ක්‍රියාත්මක කරලා. වැටිලා තියෙන ක්‍රීඩාව නගා සිටුවන්න. සැලසුම් හදලා. ක්‍රීඩාව ඉදිරියට ගෙනල්ලා. අපේ රටේ ක්‍රිඩාව නැවතත් තිබුණ තත්ත්වයට ගෙන්න කටයුතු කරනවා.“



