ට්‍රම්ප්ගෙන් ඉරානයට දැඩි අනතුරු ඇඟවීමක්

Share

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට දැඩි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

 

ඒ, ඉරාකයේ අමෙරිකානු තානාපති කාර්යාලයට විරෝධතාකරුවන් පිරිසක් කඩාවැදී එල්ල කළ ප්‍රහාරයට ඉරානය වගකිව යුතු බවට චෝදනා කරමිනි.

මෙම ප්‍රහාරයට ඉරානය වන්දි ගෙවනු ඇතැයි අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කළේ, එම සියලු චෝදනා ඉරානය ප්‍රතික්ෂේප කළ පසුබිමකදී ය.

මෙම ප්‍රහාරය සිය ස්වාධිපතිත්වයට එල්ල වූ ප්‍රහාරයක් ලෙස ඉරාකය සඳහන් කළේ ය.

අමෙරිකාව, ඉරානයේ සහය ලත් ඉරාක සන්නද්ධ කණ්ඩායමකට එල්ල කළ ප්‍රහාරයෙන් සටන්කාමීන් 25 දෙනෙකු මිය යාමෙන් පසුව ඉරාකයේ අමෙරිකානු තානාපති කාර්යාලයට මෙම ප්‍රහාරය එල්ල විය.

මෙය අනතුරු ඇඟවීමක් නොව තර්ජනයක් බව අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ය.

Read more

Local News