ප්‍රජාතන්ත්‍රවාදයට මුවාවි රටේ දුෂණ වංචා කරන්න බෑ

Share

ප්‍රජාතන්ත්‍රවාදයට මුවාවි රටේ දුෂණ වංචා සිදුකිරීමට ඉඩ දිය නොහැකි බව රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි.

 

හොරණ ප්‍රදේශයේ දි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

එහිද වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා මෙසේ පැවසීය.

“ප්‍රජාතන්ත්‍රවාදය කියන වචනයට මුවා වෙලා රටේ දේවල් සොරකම් කරන්න, රටේ දේවල් නාස්ති කරන්න ඉඩ දෙන්න බෑ.

ඒ හින්දා පාලන ක්‍රමය මොන වර්ගීකරනයකට යෙදුවත් මම විශ්වාස කරනවා මට තේරෙන විදිහට ශක්තිමත් නායකයෙක් අපට අවශ්‍යයි. සෘජු තීන්දු තීරණ අරගෙන කටයුතු කරන්න. නලවන්න බෑ කාවවත්, හුරතල් කරන්න බෑ. අන්න ඒ හින්දා මේ අවුරුද්ද තමයි මේකට තියෙන අවුරුද්ද.“

Read more

Local News