අග‍්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් ධුරයට විජයානන්ද හේරත්

අග‍්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්වරයා ලෙස විජයානන්ද හේරත් මහතා පත්කර ඇත.

 

අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපති ධූරයේ කටයුතු කළ කාලයේ දී එතුමාගේ මාධ්‍ය සම්බන්ධීකරණ ලේකම්වරයා ලෙස කටයුතු කළ විජයානන්ද මහතා අග‍්‍රාමාත්‍ය මහින්ද රාජක්‍ෂ මහතා කම්කරු හා වෘත්තීය පුහුණු අමාත්‍යවරයාව සිටි කාලයේ දී ද ධීවර හා ජලජ සම්පත් අමාත්‍යවරයාව සිටිය දී ද ඔහුගේ මාධ්‍ය නිලධාරියා ලෙස කටයුතු කළේය.

සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ සන්නිවේදන අංශයේ ප‍්‍රධානියා ලෙස ද කටයුතු කළ විජයානන්ද හේරත් මහතා 2016 වර්ෂයේ සිට ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණු මාධ්‍ය මධ්‍යස්ථානයේ මාධ්‍ය උපදේශකවරයා ලෙස ද කටයුතු කරයි.

රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් මාධ්‍ය වෘත්තියට පිවිසි විජයානන්ද හේරත් මහතා මාධ්‍යස ම්බන්ධීකරණ සහ මාධ්‍ය කළමානාකරණ ක්ෂේත‍්‍රයේ වසර 25කට වඩාවැඩි පෘථුල අත්දැකීම් සහිත වූවෙකි.

ඔහු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විශේෂවේදී ගෞරව උපාධිධාරියෙකු වන අතර එම විශ්වවිද්‍යාලයේම සමාජ විද්‍යාව පිළිබඳ පශ්චාද් උපාධිධාරියෙකු ද වේ.

කොළඹ විශ්වවිද්‍යාලයෙන් සහ තවත් මාධ්‍ය අධ්‍යන ආයතන මඟින් ජනමාධ්‍ය පිළිබඳ ඩිප්ලෝමා ලබා ඇති ඒ මහතා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මානව අයිතිවාසිකම් පිළිබඳ ඩිප්ලෝමාධාරියෙකි.

විජයානන්ද හේරත් මහතා මේ දිනවල තම ආචාර්ය උපාධි අධ්‍යන කටයුතුවල නිරත වෙමින් සිටියි.

Exit mobile version