රාජ්‍ය යාන්ත්‍රණය සම්පූර්ණයෙන් අකර්මණ්‍ය වූ හේතුව

Share

පසුගිය රජය විසින් රාජ්‍ය නිලධාරින් පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත රැගෙන යාමට කටයුතු කිරීම හේතුවෙන් රාජ්‍ය යාන්ත්‍රණය සම්පූර්ණයෙන් අකර්මණ්‍ය වූ බව අමාත්‍ය ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න මහතා පැවසීය.

 

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ අද(01) පෙරවරුවේ පැවති ආර්ථීක සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශයේ  නව වසරේ  වැඩ ආරම්භ කිරීමේ අවස්ථාවට එක් වෙම්න්.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ආර්ථීක  සහ ප්‍රතිපත්ති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න මහතා මෙසේ පැවසීය.

“රාජ්‍ය නිලධාරීන් තමන්ගේ සේවාව අවංකව සහ කාර්යක්ෂමව සිදු කිරීම වැදගත්. ජනතාව අතර රාජ්‍ය සේවාවේ කාර්යක්ෂමතාව පිළිබද පවතින්නේ එතරම් හොද ආකල්පයක් නොවෙයි.

වත්මන් රජය විසින් රාජ්‍ය සේවාව පිළිබදව පවතින ජනතාවගේ අපැහැදීම නැති කිරීමට කටයුතු කරනවා. ඒ සදහා වංචා, දූෂණ, සහ අක්‍රමිකතා සිදු කරන නිලධාරීන්ට විරුද්ධව නිතීය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනවා වගේම යහපත් චේතනාවෙන් කටයුතු කරන  නිලධාරීන් රැක ගැනීමටත් ඔවුන්ට අසාධාරණ නොවන ලෙස නීති අණ පනත් සකස් කිරීමට වත්මන් රජය කටයුතු කරනවා.

මම විශ්වාස කරනවා එය රාජ්‍ය සේවාව කාර්‍යක්ෂම කරන්න හොද වැඩපිළිවෙලක් වෙයි.

රාජ්‍ය සේවකයින්ටත් විශේෂයෙන් වගකිමක් පැවරෙනවා. ඒ තමයි තමන්ට පැවරෙන වගකීම් නියමිත පරිදි කාර්යක්ෂමව නිසි වෙලාවට අවසන් කිරීම.

කෙසේ වෙතත් රාජ්‍ය සේවාව විධිමත් කිරීමට අවශ්‍ය පියවර රජය මගින් ඉදිරියේදී ගනු ඇති බව ආර්ථීක සහ ප්‍රතිපත්ති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න මහතා පැවසීය.“

Read more

Local News