මහවැලි ගංඟාවේ අතු ගංඟාවක් වන අලුත්තරම ඔයේ නීති විරෝධී අයුරින් වැලි ගොඩ දැමු පුද්ගලයෙකු ගොඩ දමන ලද වැලි සහ උපකරණ කීපයක්ද සමඟ අද (01) උදෑසන අත්අඩංගුවට ගත් බව ගිරාදුරුකෝට්ට පොලීසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගිරාඳුරුකෝට්ට ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 37ක පුද්ගලයෙකි.
මහවැලි ගංඟාවේ අතු ගංඟාවක් වන අලුත්තරම ඔයේ තොටුපළක නීතිවිරෝධී අයුරින් පුද්ගලයකු වැලි ගොඩ දමන බවට පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
ගිරාඳුරුකෝට්ට පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



